අප ගැන

මලියදේව විද්‍යාලය ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරයේ ඇති පිරිමි පාසලකි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය විසින් 1888 වසරේදී මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව වීද්‍යාලය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යයි සම්මත පාසලකි. මලියදේව විද්‍යාලය ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්විතීක යන අංශ වලින් අධ්‍යාපන කටයුතු පැවැත්වේ.

කුරුණෑගල නගර මධ්‍යයේ විශාල භූමි භාගයක පිහිටා ඇති මලියදේව විද්‍යාලයේ දැනට(2017) සිසුන් 4000 කට අධික ප්‍රමාණයක් සිප්සතර හදාරන අතර වයි.ජී තිලකරත්න විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 200 කට අධික ගුරුමණ්ඩලයක්ද සීටී. මලියදේව විද්‍යාලයෙන් බිහිකල විශිෂ්ඨයින් රැසකි. හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති දයා රත්නායක, ශ්‍රි ලංකා නීතිපති ජයනාත් ජයසූරිය හා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් ඒ අතරින් කිහිපදෙනෙකි. 2015 අ.පො.ස උසස් පෙළ විභහගයේ දිවයිනේ විශිෂ්ථතම ප්‍රතිඵල වාර්තා කිරීමටද මලියදේව විද්‍යාලයට හැකිවිය.

 

ලෝක චෙස් තරඟාවලිය 2018 දෙවන ස්ථානය දිනාගත් මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න සිසුවාට අපගේ උණුසුම් සුභ පැතුම්!

chessboy

 

  • chessboy.jpg
  • kodinew.jpg
  • TP-24.jpg